Saturday, May 4, 2024

General line - 0115112241

සත්තු වත්තේ හිපපොටේමස් සහ සීබ්‍රා හදිසියේ මියගිය හේතුව හෙළිවෙයි




දෙහිවල සත්වෝද්‍යානයේ හිපපොටේමස් සහ සීබ්‍රා සතුන් දෙදෙනා හදිසියේ මියගොස් ඇත්තේ කොරෝනා ආසාදන තත්ත්වයකින් නොවන බව අනාවරණ වී තිබෙනවා. හිපපොටේමස් සත්ත්වයා මියගොස් ඇත්තේ ආහාර මාර්ගයේ බැක්ටීරියා ආසාද්මික තත්ත්වයක් හේතුවෙන්. සීබ්‍රා සත්ත්වයා මියගොස් ඇත්තේ ආහාර මාර්ගයේ සිදුවූ අවහිර වීමකින්. 

මෙම සතුන්ගේ මරණ සම්බන්ධයෙන් කථාබහක් මතුවූයේ දෙහිවල සත්වෝද්‍යානයේ සිටි සිංහයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි හෙළිවීමත් සමගයි. ඒ අනුව මෙම සතුන් දෙදෙනා මියගියේද කොරෝනා වෛරසය ආසාදනය වීදැයි සැක පළ වී තිබුණා. 

ශ්‍රී ලංකාවේදී සත්වයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඡක්‍ඍ පරීක්ෂණයකින් තහවුරු වූ පළමු අවස්ථාව මෙයයි. ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ පවසන්නේ මීට පෙර 
ශ්‍රී ලංකාවේ මෙවැනි පරීක්ෂණයක් සිදුකර නොමැති බවයි. එබැවින් ප්‍රතපල තහවුරු කර ගැනීමට පරීක්ෂණ කිහිපයක් සිදුකළ බවත්, ඊට යම් කාලයක් ගතවූ බවත් ඇය පවසනවා. 

සතුන්ට කොරෝනා වෛරසය ආසාදනය වීමට ඇති හැකියාව සහ එම සතුන්ගෙන් තවත් පාර්ශවයකට වෛරසය පැතිරිමට ඇති හැකියාව කෙබඳුද? මේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අනුක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ. 

මේ අතර ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මේවනවිට තීරණය කර ඇත්තේ කොරෝනා ආසාදිත සිංහයා අනෙක් සතුන්ගෙන් වෙන් කර තබා ප්‍රතිකාර කිරීමටයි. මෙම සිංහයාගෙන් අනෙක් සතුන්ට මෙන්ම කාර්යය මණ්ඩලයට ද වෛරසය ආසාදනය වීම වැළැක්වීමට මේවනවිටත් සියලු පියවර ගෙන අවසන්. 

මෙලෙස කොරෝනා ආසාදිත වී ඇත්තේ 2013 දී දකුණු කොරියාවේ සිට මෙරටට ගෙන ආ “තෝර්” නමැති වයස අවුරුදු 11 ක සිංහයෙකුටයි.