Saturday, May 4, 2024

General line - 0115112241

ඉන්දීය ප්‍රභේදය ඇත්දැයි රට වටෙන්ම සාම්පල එකතු කරයි




දෙමටගොඩ ප්‍රදේශයෙන් පළමුවරට සොයා ගත් ඉන්දීය ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය වෙනත් ප්‍රදේශවලට ද පැතිර ගොස් ඇත්දැයි සොයා ගැනීම සඳහා තවදුරටත් ජාන විශ්ලේෂණ පරීක්ෂණ සිදුකරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අනුක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ පවසනවා. ඒ, වත්මන් තත්ත්වය පිළිබඳ විශේෂ පැහැදිළි කිරීමක් සිදුකරමින්. 

මාහාචාර්යවරිය පැවසුවේ කොළඹ දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රදේශ සහ ගම්පහ දිස්ත්‍රික්කය සම්බන්ධයෙන් මෙම පරීක්ෂණවලදී වැඩි අවදානයක් යොමු කර ඇති බවයි. 

ව්‍යාප්තිය වේගවත් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් හමුවූ දෙමටගොඩ ආරාමය පෙදෙස, මීට සතියකට පෙර සිට හුදෙලකා කර තිබූ බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන අද පැවසුවේ. 

ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත රෝගීන් වාර්තා වීමත් සමග අදාළ ප්‍රදේශයේ කොවිඩ් පරීක්ෂණ සිදුකිරීම අද ආරම්භ වුණා.