Saturday, May 4, 2024

General line - 0115112241

සුරාබදු දෙපාර්තමේන්තුවේ පොසොන් පොහොය දින වැඩසටහන අවලංගු කෙරේ




පොසොන් පොහොය නිමිති කර ගනිමින් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් දිළිඳු පවුල් වෙත ආහාර බෙදාදීමට සැලසුම් කර තිබූ වැඩසටහන අත්හිටුවා තිබෙනවා. ඒ, අදාළ වැඩසටහන සුරාබදු බලපත්‍ර ලාභීන්ගෙන් මුදල් රැස් කර සිදුකරන බවට පළවූ වාර්තා පදනම් කර ගනිමින්. 

අදාළ වැඩසටහන සම්බන්ධයෙන් නිකුත් කෙරුණු රාජකාරී ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීම සහ මෙම වැඩසටහන සම්බන්ධයෙන් නෙත් නිවුස් ද සුරාබදු දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළා. මේ, සුරාබදු කොමසාරිස් ජනරාල් එම් ජේ ගුණසිරි. 

එම වැඩසටහන සඳහා ස්වකැමැත්තෙන් දායකවීමක් මිස කිසිඳු බලපෑමක් නොතිබූ බවයි සුරාබදු දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිවේදනය කළේ.