Friday, May 3, 2024

General line - 0115112241

ගිනිගත් නෞකාවෙන් කැස්බෑ ඉදිරි පරම්පරාවටත් බලපෑම්




කැස්බෑවන්ට මෙන්ම ඉදිරියේදී මෙරට මුහුදු සීමාව අවට සිටින ක්ෂීරපායී වර්ගයේ ඇතුළු වෙනත් සාගර ජීවීන්ට ද දැඩි බලපෑම් එල්ල වීමේ අවදානමක් ඇතැයි සාගර විද්‍යාඥයින් අනතුරු අගවනවා. ඒ, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න සහ එහි ඉදිරි බලපෑම් හේතුවෙන් මෙරට සමුද්‍ර කලාපයේ සිටින කැස්බෑ සම්පතට එල්ල වී ඇති බලපෑම් ද උදාහරණයට ගනිමින්.

මෙරට මුහුදු සීමාවේදී ගිනිගෙන විනාශ වූයේ රසායනික ද්‍රව්‍ය ද අඩංගු නෞකාවක්. අනාගතයේදී එහි බලපෑම කුමන ආකාරයෙන් මෙරට සාගර කලාපයට බලපෑම් එල්ල කරයිද? මේ, ජෛව සංරක්ෂණ සංගමයේ සභාපති ආචාර්ය ලලිත් ඒකනායක. 

මේවනවිට දැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ මෙරට මුහුදු සීමාවේ සිටින කැස්බෑවන්ටයි. නෞකා අනතුරෙන් පසු මේ දක්වා මියගිය කැස්බෑවන්ගේ සිරුරු 50 කට ආසන්න සංඛ්‍යාවක් මෙරට මුහුදු තීරයෙන් හමුවුණා. ඉන් 16 ක්ම හමුවී ඇත්තේ දකුණු මුහුදු තීරයෙන් වීම විශේෂත්වයක්. මෙම තත්ත්වය ඉදිරියට කෙසේ බලපායිද? 

ජෛව සංරක්ෂණ සංගමයේ සභාපති ආචාර්ය ලලිත් ඒකනායක වැඩිදුරටත් පැවසුවේ කැස්බෑවන්ට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණ සිදුකළ යුතු බවයි. 

මේ අතර මෙරට වෙරළ තීරයට ඉකුත් දිනවල ගොඩ ගැසූ කැස්බෑවන් ඇතුළු සමුද්‍ර ජීවින්ගේ මළ සිරුරු සම්බන්ධ රස පරීක්ෂණ කටයුතු මේ දිනවල සිදු කෙරෙනවා. රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පැවසුවේ, අදාළ සමුද්‍ර ජීවින් මියයාමට නිශ්චිත හේතුව එමගින් අනාවරණය කර ගැනීමට හැකි වනු ඇති බවයි.