Saturday, May 4, 2024

General line - 0115112241

ඊයේ කොවිඩ් මරණ 55ක් සහ ආසාදිතයින් 2327ක් වාර්තා වෙයි




මෙරටින් ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 2,327 දෙනෙකු හදුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට හමු වූ සමස්ත ආසාදිතයින් ගණන දෙලක්ෂ 35,413 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වෙතත් එම පිරිසෙන් එක් ලක්ෂ 97,259 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 35,729 දෙනෙකු පමණයි.

මේ අතර ඊයේ දිනයේ කොරෝනා මරණ 55ක් මෙරටදී සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා. පිරිමි පුද්ගලයින් 32නෙකු සහ කාන්තාවන් 23 දෙනෙකු එම පිරිසට අයත්.