Saturday, May 4, 2024

General line - 0115112241

සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු සීමා සහිතව ප්‍රවාහන සේවා

කමල් සුරවීර




ලබන සදුදා අලුයම 4 ට සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු රට පුරා සීමා සහිතව ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ එම ප්‍රවාහන සේවාවන් පළාත් තුළ පමණක් ක්‍රියාත්මක කරන බවයි.

ලබන සදුදා අලුයම හතරට සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසුව ලබන 23 වනදා රාත්‍රි 10 දක්වා දුම්රිය 17 ක් ධාවනයට එක් කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ.