Saturday, May 4, 2024

General line - 0115112241

බක්කි කරත්තයෙන් ආ සමගි ජන බලවේගයේ තරුණ බල මණ්ඩලයේ දිස්ත්‍රික් ලේකම්වරයා අත්අඩංගුවට (VIDEO)

රවීන්ද්‍ර චන්ද්‍රලාල්




සංචරණ සීමා කඩ කරමින් ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කර බක්කි කරත්තයකින් පැමිණි පුද්ගලයන් සිව් දෙනෙකු ගාල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් බක්කි කරත්තයක නැග ගාල්ල නගරයට පැමිණි අවස්ථාවේ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අත්අඩංගුවට ගැණුනු පිරිස අතර බද්දේගම ප්‍රාදේශීය සභා හිටපු සභාපතිවරයෙකුගේ පුතෙකුද වනවා. ඔහු සමගි ජනබලවේගයේ තරුණ බල මණ්ඩලයේ ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයාද වන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. අත්අඩංගුවට ගැණුනු ඔවුන් පසුව පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.

ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් ඉකුත් දිනවලද දිවයිනේ විවිධ ප්‍රදේශවල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු විවිධ ක්‍ෂේත්‍රවල නිරත බොහෝ පිරිසක් විරෝධතාවල නිරත වුණා.