Friday, May 3, 2024

General line - 0115112241

දෙමටගොඩින් තවත් කොවිඩ් ආසාදිතයින් 15ක් : ඩෙල්ටා ප්‍රභේදයදැයි සොයන්න පරීක්ෂණ අරඹයි




ඉන්දීය කොරෝනා ප්‍රභේදය හෙවත් ඩෙල්ටා කොරෝනා වෛරස ප්‍රභේදය මෙරටින් හදුනා ගැනුනු දෙමටගොඩ ආරාම ප්‍රදේශයේ 200 සහ 201 වතු ආශ්‍රිතව ඊයේ සිදු කෙරුණු පී සී ආර් පරීක්‍ෂණවලින් පුද්ගලයන් 15 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. එම පරීක්‍ෂණ සදහා යොමු කෙරුණු පිරිස 129 ක්.

කොරෝනා ආසාදිත පුද්ගලයන්ට ආසාදනය වී ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදය ද යන්න පිළිබද පරීක්‍ෂා කිරීම සදහා ඔවුන්ගේ පී සී ආර් නියැදි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය වෙත යොමු කර තිබෙනවා. දෙමටගොඩ ප්‍රදේශය ආශ්‍රිත ජනතාවට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීමට අද දිනයේ පියවර ගත් බවයි කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග වෛද්‍යවේදිනි  වෛද්‍ය දිනුකා ගුරුගේ පැවසුවේ.