Saturday, May 4, 2024

General line - 0115112241

කොරෝනා මැද දරුවන් අතර ව්‍යාප්ත වන තවත් රෝගී තත්ත්වයක්




කොරෝනා ආසාදිත වී සති දෙකක් සති හයක් අතර කාලයේදී දරුවන්ට වැළදෙන බරපතල රෝගී තත්ත්වයක් මෙරටින් වාර්තා වන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත පවසනවා. එම රෝගී තත්ත්වයට පත් වූ වයස අවුරුදු 8 ත් 15 ත් අතර දරුවන් හය දෙනෙකු මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු සදහන් කළේ.

රට පුරා ව්‍යාප්ත විය හැකි එම රෝගයේ රෝග ලක්‍ෂණ පිළිබදවද විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මෙලෙස පැහැදිලි කළා.

දරුවන් පිළිබද දැඩි විමසිල්ලෙන් සිටින ලෙසට රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මව්පියන්ගෙන් එහිදී ඉල්ලීමක්ද කළා.