Friday, May 3, 2024

General line - 0115112241

හෙරොයින් සමග අත්අඩංගුවට ගත් උපපොලිස් පරීක්‍ෂකගේ වැඩ තහනම්




හෙරොයින් කිලෝග්‍රෑම් 52 ක් සමග අත්අඩංගුවට ගැණුනු කළුතර දකුණ පොලීසියේ උප පොලිස් පරීක්‍ෂකවරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා. පොලිස් මූලස්ථානයේ අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් විසින් ගාල්ල, හබරාදූව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ඔහු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ.  

මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරු පිළිබදවද මෙහිදී අදහස් පළ කෙරුණා.

මේ අතර ඉකුත් ජනවාරි මස පළමු වනදා සිට මේ දක්වා කාලය තුළ සිදුකළ වැටලීම්වලදී හෙරොයින් කිලෝග්‍රෑම් 408 ක්, ගංජා කිලෝග්‍රෑම  2,166 ක් සහ අයිස් කිලෝග්‍රෑම් 298 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඊට අදාළව සැකකරුවන් 17,026 දෙනෙකුද අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේ.