Sunday, April 28, 2024

General line - 0115112241

සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදුන් පිරිස තවත් ඉහළට




ඊයේ දිනයේදී මෙරට පුද්ගලයින් 12,935 දෙනකුට සයිනොෆාම් කොවිඩ් මර්ධන එන්නතේ දෙවන මාත්‍රාව ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

ඒ අනුව මේ දක්වා සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දී ඇති මෙරට සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව හාර ලක්ෂ 55,592 ක්. පුද්ගලයින් 6,358 දෙනෙකුට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දිනය තුළ ලබා දී තිබෙනවා.

ඒ අනුව සයිනෝෆාම් එන්නතේ පලමු මාත්‍රාව ලබා ගත් මෙරට සමස්ථ පුද්ගලයින් ගණන 14 ලක්ෂ 43,470ක්.

ඊයේ දිනයේදී ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 6,848 ලබා දී තිබෙනවා. ඒ අනුව ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් මෙරට සමස්ථ පුද්ගලයින් ගණන එක්ලක්ෂ 13,454ක්. එම එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 14,301 දෙනෙකුට ලබා දී තිබෙනවා.

මේ දක්වා කාලය තුළ  ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 09 ලක්ෂ 25,242 දෙනෙකුට ලබා දී අතර එම එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් තුන් ලක්ෂ 72,290 දෙනෙකුට ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.