Tuesday, May 7, 2024

General line - 0115112241

පොසොන් පෝ දා අද රටටම සංචරණ සීමා




දිවයින පුරා මේවනවිට සංචරණ සීමා ක්‍රියාත්මක වනවා. ඊයේ රාත්‍රී 10 ට පැනවූ සංචරණ සීමා යළි ඉවත් කෙරෙන්නේ හෙට අලුයම 04 ටයි. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ.

මේ අතර සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පැවසුවේ දැඩි නීති පනවා හෝ කොවිඩ් රෝගය මර්දනය කළ යුතු බවයි. ඒ සඳහා රුපියල් 5000 ක් වන වර්තමාන දඩය රුපියල් 50,000 ක් දක්වා හෝ වැඩි කිරීමට කටයුතු කරමින් රෝගය මර්දනය කරන බවයි අමාත්‍යවරිය පැවසුවේ.