Saturday, May 18, 2024

General line - 0115112241

මඩකලපුව වෙරළටත් මියගිය කැස්බෑවෙකුගේ සිරුරක් ගොඩ ගසයි




මඩකලපුව ඔන්දාච්චිමඩම් වෙරළ තීරයට මියගිය කැස්බෑවෙකුගේ සිරුරක් ගොඩගසා තිබෙනවා.

ඒ පිළිබද ප්‍රදේශවාසීන් විසින් කළ දැනුම්දීමක් අනුව වනජීවී නිලධාරීන් පැමිණ මියගිය කැස්බෑවාගේ සිරුර පරීක්ෂණ සදහා රැගෙන ගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මීට පෙරද නැගෙනහිර වෙරළ තීරයට මිය ගිය මුහුදු ජීවීන්ගේ සිරුරු කිහිපයක් ගොඩගසා තිබුණා. කොළඹ වරාය ආසන්නයේදී ගිනි ගෙන මුහුදුබත් වූ එකස්ප්‍රස් පර්ල් නෞකාවේ බලපෑම් හේතුවෙන් මෙලෙස මුහුදු ජීවීන් මියයන්නට ඇති බවටයි සැක පළවන්නේ.