Saturday, May 18, 2024

General line - 0115112241

විවාහ මංගල උත්සවයකට සහභාගී වූ පුද්ගලයින් 20 දෙනෙකු නිරෝධායනයට (VIDEO)




නිරෝධායන රීති උල්ලංඝනය කරමින් පානදුර පල්ලෙමුල්ල ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයකට සහභාගී වූ පුද්ගලයින් 20 දෙනෙකු එම ස්ථානයේදීම නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඒ, ලද තොරතුරකට අනුව පොලීසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අදාළ ස්ථානය වැටලීමෙන් අනතුරුවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ නිරෝධායන කාල සීමාව අවසන් වීමෙන් පසු එම පිරිසට එරෙහිව නඩු පවරන බවයි.

මේ අතර නිරෝධායන රෙගුලාසි කඩ කිරීම් සම්බන්ධයෙන් ඊයේ දිනය තුළ පුද්ගලයින් 433 දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.