Friday, May 3, 2024

General line - 0115112241

බාලවයස්කාර දැරියක් අපයෝජන සිද්ධියට අත්අඩංගුවට ගත් වෛද්‍යවරයාගේ වැඩ තහනම්




ගල්කිස්ස ප්‍රදේශයේ අවුරුදු 15 ක දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් නාවික හමුදා වෛද්‍යවරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.

ඒ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ නියෝගයක් අනුවයි.

සිද්ධියට අදාල ඉදිරි විමර්ශන කටයුතු සහ අධිකරණ ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට එම පියවර ගත් බවයි නාවික හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාව මගින් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බවද නාවික හමුදාව සඳහන් කළා.