Friday, May 3, 2024

General line - 0115112241

හයිටි ජනපතිව සිය නිවසේදී ඝාතනය කරයි




නාදුනන සන්නද්ධ කණ්ඩායමක් විසින් එල්ල කළ ප්‍රහාරයකින් හයිටි ජනාධිපතිවරයා ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ජනාධිපති ජොවෙනෙල් මොයිස් ගේ නිවසට මෙම සන්නද්ධ පිරිස ප්‍රහාරය එල්ල කොට ඇති අතර ඉන් ඔහු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් අන්තර්වාර අගමැති ක්ලෝඩ් ජෝසෆ් සඳහන් කර සිටියේ.

මෙම ප්‍රහාරයෙන් ජනාධිපතිවරයාගේ බිරිඳ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටින්නේ.

53 හැවිරිදි ජනාධිපති ජොවෙනෙල් මොයිස් 2017 වර්ෂයේදී බලයට පත්වූවා. ඒ එවකට සිටි හයිටි ජනාධිපති    මයිකල් මාර්ට්ලී සිය ධුරයෙන් අත්හැර යෑමත් සමගයි.