Friday, May 3, 2024

General line - 0115112241

ගුරුවරුන්ට කොවිඩ් එන්නත් ලබාදීම ලබන සඳුදා සිට




දිවයිනේ සියලුම ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට කොවිඩ් මර්දන එන්නත් ලබා දීම ලබන සඳුදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී එල් පීරිස් පවසනවා. අද පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූයේ මෙලෙසයි.

මේ අතර ගුරුවරුන් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීමෙන් පසු ශිෂ්‍ය සංඛ්‍යාව සියයට අඩු කුඩා පාසැල් විවෘත කිරීමට අවධානය යොමුව ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය මහචාර්ය ජී එල් පීරිස් අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.