Friday, May 3, 2024

General line - 0115112241

සුරක්ෂා රක්ෂණාවරණය කප්පාදු කරලා - හිටපු අධ්‍යපාන ඇමතිවරයෙකුගෙන් චෝදනාවක්




පසුගිය රජය සමයේ පාසැල් සිසුන් සඳහා ලබාදුන් සුරක්ෂා රක්ෂණාවරණය කප්පාදුවකට ලක්කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් හිටපු අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

පසුගිය රජය සමයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ පාසැල් සිසුන්ට ටැබ් පරිඝණක ලබාදීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ද ඔහු මෙහිදී අදහස් පළ කළා.