Friday, May 3, 2024

General line - 0115112241

බැසිල්ට මුදල් ඇමතිකම හිමිවන ලකුණු




හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හෙට දිනයේ මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමට නියමිත බව වාර්තා වනවා. ඒ සම්බන්ධයෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග ද මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. 

මේ අතර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හෙට දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමට නියමිතව තිබෙනවා. ජයන්ත කැටගොඩ ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තෝරා පත්කරගන්නා ලද බව දන්වමින් මැතිවරණ කොමිශන් සභාව විසින් අද අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා. ඒ අනුව පාර්ලිමේන්තු සභා ගර්භයේ ආණ්ඩු පක්ෂයේ ඉදිරි පෙළ 09 වන අසුන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙනුවෙන් වෙන් කර ඇති බවයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ.

මේ අතර තමන්ට පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා හිමි වූ අවස්ථාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා. මෙම තීරණාත්මක මොහොත කළමනාකරණය කිරීම උදෙසා වූ රජයේ අප්‍රතිහාගත ප්‍රයත්නය තවදුරටත් ශක්තිමත් කර පොදු ජාතික අභිලාෂයන් ජයග්‍රහණය කරවීම පිණිස කොන්දේසි විරහිතව වෙහෙස වී සේවය කරන බවයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සදහන් කර ඇත්තේ.