Friday, May 3, 2024

General line - 0115112241

සෞඛ්‍ය රෙගුලාසිවලට මුවා වී ජනතා විරෝධතා මර්ධනය නොකරන ලෙස විපක්ෂ නායකගෙන් ප්‍රකාශයක්




ආණ්ඩුවට එරෙහිව මතුවන ජනතා විරෝධය මර්දනය කිරීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ යොදා ගැනීම හෙළා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා. 

මේ අතර පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න ඇප මත මුදාහැර තිබෙනවා. ඒ ඔවුන් වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. නිරෝධායන රෙගුලාසි කඩ කරමින් බොරලන්ද නගරයේ උද්ඝෝෂණයක් පැවැත්වීමේ චෝදනා මත පොලීසිය මගින් ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ අද පෙරවරුවේයි. ඒ, ඔවුන් බෝගහකුඹුර පොලීසියට පැමිණ භාරවූ අවස්ථාවේදීයි. අධිකරණයෙන් ඇප ලබාදීමෙන් පසුව හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළකළා.

මේ අතර කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ විරෝධතාවක් පැවැත්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව ඇතුළු 06 දෙනාද ඇප මත මුදා හැර තිබෙනවා.

ඔවුන් දින 14 ක නිරෝධායන ක්‍රියාවලියකට යොමු කෙරුණු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.