Monday, May 13, 2024

General line - 0115112241

පකිස්තානය දැවැන්ත ජල අර්බුදයක 




නියගය සහ ඉන්දියාවෙන් ආරම්භ වන ගංගාවලින් නිසි ලෙස ජලය නොලැබීම හේතුවෙන් පකිස්තානය දැවැන්ත ජල අර්බුදයකට මුහුණ දී ඇතැයි වාර්තා වනවා.

ජියෝ නිවුස් පුවත් සේවය වාර්තා කරන්නේ ඉදිරි දිනවලදී වර්ෂාව නොලැබුණහොත් පකිස්තානයේ විශාල ජනසංඛ්‍යාවකට පානීය ජලය සපයා ගැනීම පවා අපහසු වනු ඇති බවයි.

දේශගුණ විපර්යාස හමුවේ පැනනැගී ඇති දිගුකාලීන නියගය මෙම ජල අර්බුදයට හේතුවයි.

ඉන්දියාවෙන්, ආරම්භව පකිස්තානය හරහා ගලායන ගංගාවල ජලය නිසි ලෙස පකිස්තානයට නොලැබීමද මෙම අර්බුදය උග්‍ර කර ඇති බව එරට විශේෂඥයන් පෙන්වා දෙනවා.

ඔවුන් සදහන් කරන්නේ පකිස්තානයේ බොහෝ ප්‍රදේශවල භුගත ජල මට්ටම දරැණු ලෙස පහළ යාම හේතුවෙන් එම ජලය ලබා ගැනීමද ගැටලුවක් වී ඇති බවයි.

පෙර අඩි 50ක මට්ටමක පැවති පන්ජාබ් ප්‍රාන්තයේ භුගත ජල මට්ටම මේ වනවිට අඩි 600ක් පමණ පහළ බැස ඇතැයි සදහන්.

මෙම තත්වයට කඩිනම් විසදුම් නොලැබුණහොත් පකිස්තානයේ දැවැන්ත ජල හිගයක් මතුවීම හරහා දරැණු ආර්ථික හා සමාජ අර්බුදයක් ඇති විය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙනවා.