Monday, May 13, 2024

General line - 0115112241

ඔලිම්පික් පෙනි පෙනී ජපානයේ හදිසි තත්ත්වයක්




ජපානයේ ටෝකියෝ අගනුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ, අගනුවරින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාම හමුවේයි. ඒ අනුව අගනුවරට පැනවූ හදිසි තත්ත්වය අගෝස්තු 22 වනදා දක්වා බලපැවැත්වෙන බවයි අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා පැවසුවේ.

ටෝකියෝ අගනුවරට මෙලෙස හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ 2022 ඔලිම්පික් උළෙලේ ආරම්භය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති පසුබිමක් තුළයි. මත්පැන්හල් සහ අවන්හල් තුළ මත්පැන් පානය කිරීමට අවසර නොදෙන අතර ඒවා රාත්‍රී 08 වන විට වසා දැමිය යුතු වනවා.

2021 ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවය ජූලි 23 වනදා පැවැත්වීමටයි ජපානය මේවනවිටත් සියලු කටයුතු සූදානම් කර ඇත්තේ. කෙසේවෙතත් කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග රට තුළ උත්ගතවී ඇති අවදානම් තත්ත්වය හේතුවෙන් ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙල කල්දැමීම හෝ අවලංගු කරන ලෙසයි මේවනවිට රජයට බලපෑම් එල්ල වෙමින් ඇත්තේ. 

මේවනවිටත් ජපානය රටවල් 159 කින් සංචාරකයින් පැමිණීම තහනම් කර ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.