Thursday, May 9, 2024

General line - 0115112241

ඉක්කාවක් නිසා බ්‍රසීල ජනාධිපතිවරයාට හදිසි සැත්කමක්




බ්‍රසිල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ රෝහල් ගත කර තිබෙනවා. ඒ, ඉක්කාවක් හේතුවෙන්. ජනාධිපතිවරයාට අඛණ්ඩව දින 10 ක කාලයක් පුරා මෙම ඉක්කාව පැවැති බවයි විදෙස් වාර්තා පැවසුවේ. කෙසේවෙතත් ජනාධිපතිවරයාට හදිසි ශල්‍ය කර්මයක් කිරීමට සිදුවනු ඇති බව ද බ්‍රසීල ජනාධිපති කාර්යාලය පවසා තිබෙනවා. හදිසි පරීක්ෂණ කිහිපයක් සඳහා ජනාධිපති බොල්සනාරෝ සාඕ පෝලෝ හි රෝහලකට මාරු කිරීමට ද නියමිතයි. 

2018 වසරේ පැවැති ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවලදී ජෙයාර් බොල්සනාරෝ පිහි ඇනුමකට ලක්වුණා. එම ප්‍රහාරයෙන් පසුව ඔහුට සිය ශරීරයේ තිබූ රුධිරයෙන් සියයට 40 ක ප්‍රමාණයක් අහිමිවූ බවයි විදෙස් වාර්තා පැවසුවේ. එම පිහි ඇනුමෙන් පසුව බ්‍රසීල ජනාධිපතිවරයා සැත්කම් කිහිපයකට ද භාජනය කර තිබෙනවා.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ බ්‍රසීල ජනාධිපතිවරයා ලොව වඩාත් කතාබහට ද ලක්වුණා. ඒ, කොරෝනා වෛරසය පැතිරීම පාලනය සඳහා ක්‍රියාමාර්ග නොගන්නා බවට බ්‍රසීල වැසියන්ගෙන් දිගින් දිගටම ජනාධිපතිවරයාට එල්ල වූ චෝදනා හමුවේයි.