Wednesday, May 8, 2024

General line - 0115112241

ජාත්‍යන්තර සංචාර සඳහා කොවිඩ් එන්නත් සහතිකය අවශ්‍ය ද? ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පැහැදිලි කිරීමක් 




ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා කොවිඩ් මර්ධන එන්නත ලබාගෙන තිබීමේ සාධකය අත්‍යාවශ්‍ය කරුණක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි කමිටුව විසින් ප්‍රකාශ කර සිටිනවා. 

කොවිඩ් මර්ධන එන්නත ලබා නොගත් පුද්ගලයින්ට ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා එක්වීමට අවසරය ලබා නොදිය යුතු බවට නැගෙන කතිකාවත සම්බන්ධයෙන් වන සිය ස්ථාවරය පැහැදිලි කරමින් එම කමිටුව විසින් ඊයේ මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකරනු ලැබුවා.

තහවුරු වූ එන්නත්කරණය පදනම් කර කරගනිමින් ජාත්‍යන්තර සංචාර සඳහා අවසර ලබාදීම මගින් එන්නත් ලබා ගැනීමට අපහසුවී සිටින අඩු ආදායම් ලාභී රටවලට ආසාධාරණයක් ඇති වන බවයි මෙහිදී විශේෂඥයින් පෙන්වා දී සිටින්නේ.

යුරෝපා සංගමය විසින් සිය සංගමයට අයත් රටවල් 27 සඳහා ඩිජිටල් කොවිඩ් සහතික පත හඳුන්වාදීම මේ මස මුලදී සිදුකළ අතර එමගින් කොවිඩ් මර්ධන එන්නත ලබා ගත් පුද්ගලයින්ට බාධාවකින් තොරව නිදහසේ ගමන් කිරිමට හැකියාව එමගින් ලබාදී තිබේ.