Wednesday, May 8, 2024

General line - 0115112241

ජර්මනියට බලපෑ හදිසි ගංවතුර තත්ත්වයකින් පුද්ගලයින් 81ක් මරුට : දහසකට අධික සංඛ්‍යාවක් අතුරුදහන් (PHOTOS)




බටහිර ජර්මනියේ සහ බෙල්ජිමයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 81ක් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් දහසකට අධික සංඛ්‍යාවක් අතුරුදහන් වී ඇති බව වාර්තා වනවා.

මෙම හදිසි ගංවතුර තත්ත්වය වසර ගණනාවක් තුලදී ජර්මනියට බලපෑ ප්‍රබලතම සොභාවික විපත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

බටහිර ජර්මනියේ, Ahrweiler දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 1,300 දෙනෙකු අතුරුදහන්වී තිබෙනවා. ගංවතුර බලපෑ ඇතැම් ප්‍රදේශවල ජංගම දුරකථන සංඥා, ෆේස්බුක් සමාජ ජාලා බිඳ වැටීමට ලක්ව ඇති බවයි දිස්ත්‍රික් ආණ්ඩුකාරවරයා සඳහන් කළේ.

මේ හේතුවෙන් අතුරුදහන් වූ පුද්ගලයින් සම්බන්ධයෙන් වන තොරතුරු අනාවරණය කර ගැනීමට නොහැකි තත්ත්වයක් මතුවී තිබෙනවා.

ධාරානිපාත වර්ෂාවත් සමග ගංගා පිටාර ගැලීමෙන් මෙම හදිසි ගංවතුර තත්ත්වය ඇතිවීමට බලපෑ ප්‍රධාන හේතුව වී ඇත. 

නිවෙස් තුල කොටුවී සිටින පුද්ගලයින් බේරා ගැනීමට සහන සේවකයින් කටයුතු කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.