Friday, May 17, 2024

General line - 0115112241

ජුලි මාසයේදී කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ සියයට 1කට ජාන පරීක්ෂණ සිදුකළා - ආචාර්ය චන්දිම ජිවන්දර




කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන්ගෙන් ලබාගත් සාම්පල සියයට එකකට ආසන්න ප්‍රමාණයක ජාන විශ්ලේෂණ පරීක්‍ෂණ මෙම මාසය තුළ සිදුකර ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මික හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනය පවසනවා. එහි අධ්‍යක්‍ෂ ආචාර්ය වෛද්‍ය චන්දිම ජිවන්දර නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ සිය විද්‍යාගාරයට ලැබුණු සාම්පල හරහා එම පරීක්‍ෂණ සිදුකළ බවයි.

කොළඹින් බැහැර ප්‍රදේශවල සැකසහිත සාම්පලවල ජානවිශ්ලේෂණ පරීක්‍ෂණ වාර්තා සිදුකිරීමට ක්‍රමවේදයක් මේ වනවිට සකස් කර ඇති බවයි ඔහු සදහන් කළේ.

මෙරට පුද්ගලයන්ට ලබාදෙන කොරෝනා මර්දන එන්නත් දෙකම ලබාගත් පුද්ගලයන්ට වැඩි ආරක්‍ෂාවක් ලැබෙන බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මික හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්‍ෂ ආචාර්ය වෛද්‍ය චන්දිම ජිවන්දර වැඩිදුරටත් සදහන් කළේ.