Wednesday, May 8, 2024

General line - 0115112241

මධ්‍යම යුරෝපයට බලපෑ ගංවතුරෙන් මිය ගණන තවත් ඉහලට




මධ්‍යම යුරෝපයට බලපෑ ඇති දරුණු ගංවතුර හේතුවෙන් මිය ගිය පුද්ගලයින් 170ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. ජර්මනිය, නෙදර්ලන්තය, බෙල්ජියම සහ ස්විට්සර්ලන්තය මෙම දරුණු ව්‍යසනයට මුහුණපා සිටින බවයි විදෙස් වාර්තා පැවසුවේ.

බොහෝ පිරිසක් අතුරුදන්ව ඇති අතර මරණ සංඛ්‍යාවද තවදුරටත් ඉහල යා හැකි බවයි විදෙස් වාර්තාවල දැක්වුණේ. ජර්මනියේ පමණක් ආපදා හේතුවෙන් පුද්ගලයින් 143 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.