Thursday, May 16, 2024

General line - 0115112241

ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් 1,487ක් : වැඩිම ආසාදිතයින් කළුතරින්




තවත් කොරෝනා අසාදිතයින් 1,487 දෙනෙකු ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වුණා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ ඒ අතරින් ආසාදිතයින් 217 දෙනෙකු කලුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවයි.

කොරෝනා වෛරස ව්‍යාප්තියේ අවදානම හේතුවෙන් හුදෙකලා කර තිබූ ග්‍රාම නිලධාරී වසම් 02 ක් අද උදෑසන 06 යේ සිට හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කළ බවයි යුද හමුදාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ.