Thursday, May 16, 2024

General line - 0115112241

කොතලාවල පනත් කෙටුම්පතට එරෙහිව සරසවි ඇඳුරන් සටනට සැරසෙයි




මෙරට විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන නියාමන රාමුව යම් සංශෝධනයකට ලක් කරන්නේ නම් එය අදාළ සියලු පාර්ශව අදහස් විමසා සිදුකළ යුතු බව  විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසනවා. විශ්ව විද්‍යාල කොමිෂන් සභා පනතේ පවතින බාධා ඉවත් කළ යුතු බවට ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය බවයි එම සංගමයේ සභාපති මහාචාර්ය ශාම බන්නැහැක පැවසුවේ.

කොතලාව ආරක්‍ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහි සියළු පාර්ශව ඒකරාශි කර ගනිමින් ඉදිරියේදී පුළුල් පෙරමුණක් නිර්මාණය කරන බවද විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශාම බන්නැහැක වැඩි දුරටත් සඳහන් කළා.