Thursday, May 16, 2024

General line - 0115112241

නිරෝධායන මධ්‍යස්ථානයක සිටි සැකකටයුතු කාන්තාවක් අත්අඩංගුවට




විදේශ රටවල සිට පැමිණෙන කාන්තාවන් සඳහා පවත්වාගෙන යන වේයන්ගොඩ නයිවල ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වූ කාන්තාවක් පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, එම නිරෝධායන මධ්‍යස්ථානය තුළ සැකකටයුතු ලෙස හැසිරෙමින් එම නිරෝධායන මධ්‍යස්ථානයේ තොරතුරු එක්රැස් කරන බවට ලද තොරතුරක් අනුවයි.

අදාළ කාන්තාව ව්‍යාජ නමකින් 2019 වසරේදී සෞදි අරාබිය බලා පිටත්ව ගොස් ඇති බවටද තොරතුරු හෙළි වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළා.