Thursday, May 16, 2024

General line - 0115112241

ඩෙවොන් දිය ඇල්ලෙන් පහලට වැටුණු තරුණිය සොයා තවදුරටත් මෙහෙයුම් (PHOTO)




ඩෙවොන් දිය ඇල්ලෙන් පහලට වැටි අතුරුදහන් වු තරුණිය සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරන බව දිඹුල පොලිසිය පවසනවා.

ඩෙවොන් දිය ඇල්ල නැරඹිමට ගොස් ඡායාරුපයක් ගැනිමට ගැනිමට උත්සහ කිරිමේදි දිය ඇල්ලට වැටි අතුරුදහන් වු තලවකැලේ ලිදුල වොල්ට්‍රිම් වත්තේ
ලෙන් තොමස් කොටසේ පදිංචිව සිටි 19 හැවිරිදි මනි පවිත්‍රා තරුණිය සොයා තුන්වන දිනටත් (21) දින මෙහෙයුම් දියත් කරන බව දිඹුල පොලිසිය ප්‍රකාශ කළා.

යුධ හමුදාව , නාවික හමුදාව , නුවරඑලිය පොලිස් කොට්ඨාශ ජිවිත ආරක්ෂක නිලධාරින් සහ ප්‍රදේශවාසින් එක්ව තරුණිය අතුරුදහන් වු (18) දින සිට
මෙහෙයුම් දියත් කල තිබු අතර එම මෙහෙයුමේදි අතුරුදහන් වු තරුණිය සොයා ගැනිමට නොහැකි වු නිසා සොදිසි මෙහෙයුම් තාවකාලිකව නතර කරනු ලැබුවා.  

අඩි 297 උස ඇති ඩෙවොන් දිය ඇල්ලේ ජල ධාරිතාව ඉහල මට්ටමක පැවතිම සහ පහලට ඇද හැලෙන සැඩ පහරේ වැඩි නිසා අතුරුදහන් වු තරුණිය සොයා සිදු කරන මෙහෙයුම් වලට බාධා පැමිණෙන බවයි දිඹුල පොලිසිය කියා සිටියේ.

අතුරුදහන් වු තරුණිය ඉකුත් (18) දින ඇයගේ යෙහෙලියන් තිදෙනෙකු සමග ඩෙවොන් දිය ඇල්ල නැරඹිමට පැමිණ දිය ඇල්ලට ඉහලින් ගල් තලාව මතට බැස ඇයගේ ඡායාරුපයක් ගන්නා ලෙස යෙහෙලියන්ට පවසා ගල් තලාව මත සිටියදි ඇය ලිස්සා ඩෙවොන් දිය ඇල්ලට ගසාගෙන ගොස් අතුරුදහන් වි ඇත.

අතුරුදහන් වු තරුණිය අවසන්වරට යෙහෙලියන් සමග ඇයගේ දුරකථනයෙන් ලබාගත් සෙල්ෆි ඡායාරුප කිහිපයක්ද මෙසේ සටහන් වි තිබුණි.