Friday, May 10, 2024

General line - 0115112241

ලබන සතියේ සිට සහල් මිල රුපියල් සියයට අඩු කරන බව ඇමති බන්දුල කියයි




වෙළඳපලේ සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති සහල් මිල ලබන සතියේ සිට පහත දමන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ අනුව වසර 03 ක් ගතවන තුරු ජනතාවට රුපියල් සියයකට වඩා අඩුවෙන් සහල් කිලෝවක් මිලදී ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති බවටයි අමාත්‍යවරයා විශ්වාසය පළ කළේ. ඊට අදාළ උපරිම මිලක් ද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. 

සහල් මෙන්ම ගෑස් සම්බන්ධයෙන් ද වෙළඳපලේ ඇත්තේ අර්බුදකාරී තත්ත්වයක්. මෙවන් වටපිටාවක කිරිපිටි ආනයනය සීමා කිරීමට ද ආනයනකරුවන් සූදානම් වන බවට වාර්තා පළ වනවා. එසේ නම් සහල්, ගෑස් සහ ආනයනික කිරිපිටි සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිචාරය කුමක්ද?

අද නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයෙන් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගෙන් ඍජුව ප්‍රශ්න කරන්නේ ඒ පිළිබඳවයි.