Saturday, May 18, 2024

General line - 0115112241

රෝග ලක්ෂණ සහිත කොරෝනා ආසාදිතයන්ගේ වැඩි වීමක්




මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් අතරින් රෝග ලක්ෂණ සහිත ආසාදිතයින් වාර්තාවීම වැඩි වෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ රෝග ලක්ෂණ සහිත කොරෝනා ආසාදිතයින් සඳහා සූදානම් කර තිබූ පහසුකම් ප්‍රමාණවත් නොවන තත්ත්වයක් ඇති වූ බවයි.

කෙසේ වෙතත් මේ වන විට එම තත්ත්වය මගහැරවීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.

ඉදිරියේදී රෝග ලක්ෂණ සහිත කොරෝනා ආසාදිතයින් වාර්තාවීම වැඩි වුවහොත් සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාවයට දැරිය නොහැකි තත්ත්වයක් උද්ගත විය හැකි බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් පෙන්වා දුන්නා.