Wednesday, May 15, 2024

General line - 0115112241

අමාත්‍ය රොෂාන් රණසිංහ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ගිය හැටි හෙළිවෙයි




තමන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල නැරඹීම සඳහා ජපානය බලා පිටත්ව ගියේ තමාගේ පෞද්ගලික මුදලින් බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

ඔහු කියා සිටියේ කිසිඳු මොහොතක රජයේ මුදල් හෝ පුද්ගලික ආයතනයක අනුග්‍රාහක මුදල් තමන් ඒ වෙනුවෙන් වැය නොකළ බවයි.

ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් ක්‍රිඩා උළෙල සඳහා සහභාගී වූ අමාත්‍යවරුන්ට පෞද්ගලික අංශයේ ආයතන කිහිපයක අනුග්‍රාහකත්වය ලැබී ඇති බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර ඇති බව ද රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

එහෙත්, එය සම්පූර්ණයෙන් බැහැර කරන බවයි ඔහු අවධාරණය කළේ.

රජයේ මුදල් වැයකර හෝ වෙනත් ආයතන අනුග්‍රහකත්වයෙන් රට සවාරි යන බවට සමාජය තුළ මතයක් ඇති කිරීම කාගේ හෝ උත්සහය නිෂ්ඵල බව ද රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.