Wednesday, May 15, 2024

General line - 0115112241

උද්ඝෝෂකයින්ට නීතිය ක්‍රියාත්මක කරන්න පොලීසියට නිර්දේශ

ජූඩ් සමන්ත / කංචන ආරියදාස




අනවශ්‍ය මහජන ඒකරාශී වීම් හා උද්ඝෝෂණ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අදාළ නිර්දේශ පොලීසිය වෙත ලබාදීමට කටයුතු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ පැවසුවේ පවතින අවදානම් තත්ත්වය සලකා මෙම තීරණය ගත් බවයි. 

පවතින තත්ත්වය ඉතා භයානක බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 

වැටුප් විෂමතාවන්ට විසඳුම් ඉල්ලා සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු සහ විදුහල්පතිවරුන් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය යටතේ ප්‍රදේශ කිහිපයක අද දිනයේත් උද්ඝෝෂණ සිදු කෙරුණා.  විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් එවැනි තවත් උද්ඝෝෂණයක් අද පැවැත්වුණේ වැල්ලවාය නරගයේදීයි. 

මේ අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඇතුළු දඹුල්ල නගරය දැඩි අවදානම් තත්ත්වයක පවතින බව දඹුල්ල මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත ද සිල්වා පවසනවා. පවතින තත්ත්වය මත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් 02 ක්ද, මේනවිටත් වසා දමා අවසන්.