Wednesday, May 15, 2024

General line - 0115112241

පාසැල් ළමුන් එන්නත් කිරීමටත් සැලසුමක්




වයස අවුරුදු 12 ත් 18 ත් පාසැල් ළමුන්ට ද කොරෝනා මර්දන එන්නත් ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග පවසනවා. ඒ සඳහා අදාළ නිර්දේශය ලද වහාම සුදුසු එන්නත ලබාගැනීමට මේවනවිටත් කටයුතු සූදානම් කර ඇති බවයි ඔහු කියා සිටියේ. 

මෙරට ජනගහනයෙන් එන්නත් කළ යුතු සියලුදෙනා එන්නත්කරණය සිදුකිරීමේ සැලසුම සම්බන්ධයෙන් ද ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග අද මෙලෙස පැහැදිළි කළා. 

මේ අතර ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය විවෘත කිරීම අද පෙරවරුවේ සිදු කෙරුණා. ඒ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංගගේ ප්‍රධානත්වයෙන්. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ජනතාවට දුන් ප්‍රතිඥා යථාර්ථයක් කිරීමට ගෙන යන වැඩපිළිවෙළෙහි ප්‍රගතිය, ජනාධිපතිවරයාගේ සහ ජනාධිපති කාර්යාලයේ තොරතුරු නිවැරදිව හා කාර්යක්ෂමව මාධ්‍යයට සහ ජනතාවට ලබාදීම ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අපේක්ෂාවයි. 

මෙම අවස්ථාවට එක්වෙමින් ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග වැඩිදුරටත් පැවසුවේ වයස අවුරුදු 18 ත් 30 ත් අතර පිරිසට එන්නත් ලබාදීම සඳහා අවශ්‍ය සියලු සැලසුම් මේවනවිට සකස් කර ඇති බවයි. සැප්තැම්බර් 15 වන විට වයස අවුරුදු 30 ට වැඩි සියලු දෙනාට එන්නත් ලබාදී අවසන් කරන බවයි ඔහු කියා සිටියේ.