Thursday, May 16, 2024

General line - 0115112241

කොවිඩ් ආසාදිතයින් 2370ක් සහ මරණ 66ක් වාර්තා වෙයි 




අද දිනයේ මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,370ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටිනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 304,202ක් වන අතර සක්‍රිය රෝගීන් සංඛ්‍යාව 26,448ක් වනවා. සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 273,496ක්.

මේ අතර ඊයේ දිනයේ සිදුවූ කොවිඩ් ආසාදිත මරණ 66ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර සිටියි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 4,324ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.