Wednesday, May 15, 2024

General line - 0115112241

මසකට කොරෝනා මරණ 4000ක් වාර්තා වීමේ අවදානමක් - GMOA අනතුරු අඟවයි




මාසයක් තුළ සිදුවන කොරෝනා මරණ සංඛ්‍යාව 4,000 ක් දක්වා වැඩිවීමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පැවසුවේ ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති බවයි. 

පවතින තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ තත්ත්වය පාලනය කර ගත නොහැකි වුවහොත් සංචරණ සීමා ආදී නීති පැනවීමට සිදුවනු ඇති බවයි. 

කොරෝනා ආසාදිතයින් වැඩිවීමට බලපා ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදයද? 

මේ අතර එන්නත් ලබා ගැනීම සම්බන්ධයෙන් ඇතැම් ප්‍රදේශවල දැඩි තදබදයක් දක්නට ලැබෙන බවත්, එය කිසිසේත් සුදුසු තත්ත්වයක් නොවන බවත්, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ අද පැවසුවා. 

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයින් 1,716 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් අද පිටව ගොස් තිබෙනවා. ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වී මේවනවිට මෙරටදී පූර්ණ සුවය ලබා ඇති පුද්ගලයින් සංඛ්‍යාව දෙලක්ෂ 
75, 212 ක්.