Tuesday, May 14, 2024

General line - 0115112241

කොවිඩ් ආසාදිතයින් 2460ක් සහ මරණ 56ක් වාර්තා වෙයි 




අද දිනයේ වාර්තා වූ සමස්ත කොවිඩ් අසාදිතයින් සංඛ්‍යාව 2,460ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටිනවා. ඒ අනුව මෙරට සක්‍රිය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 27,126ක් වන අතර මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 306,662ක්. 

මේ අතර ඊයේ දිනයේ සිදුවූ කොවිඩ් ආසාදිත මරණ 56ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටිනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 4,380ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.