Saturday, May 18, 2024

General line - 0115112241

පිලිස්සී මිය ගිය දැරියගේ මෘත ශරීරයෙන් ලබාගත් කොටස් රසායනාගාර පරීක්ෂණයකට




පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී සිරුරට ගිනි ඇවිලීමෙන් මියගිය ඉෂාලිනී ජූඩ් දැරියගේ මෘත ශරීරය පිළිබඳ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය ශීක්ෂණ රෝහලේදී අද සිදු කෙරුණා.

එය සිදු කෙරුණේ කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජීන් පෙරේරා, කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශයේ ප්‍රධානී හා ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය සමීර ගුණවර්ධන සහ පේරාදෙණිය ශීක්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රභාත් සේරසිංහ විසින්.

එම පශ්චාත් මරණ පරීක්ෂණය පැය 09කට ආසන්න කාලයක් පැවති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

මේ අතර පිලිස්සී මියගිය දැරියට සාධාරණය ඉටු කරන ලෙස බල කරමින් හැටන් දික්ඔය වතු යායේ වතු කම්කරුවන් පිරිසක් අද පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වුණා.