Saturday, May 18, 2024

General line - 0115112241

දිරාපත් නොවන පොලිතීන් වලින් නිෂ්පාදිත ලන්ච්ෂිට් අද සිට තහනම්




දිරාපත් නොවන පොලිතීන් වලින් නිෂ්පාදිත ලන්ච් ෂීට් තහනම් කිරීම අද සිට දැඩිව ක්‍රියාත්මක කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ නොදිරන ලන්ච්ෂීට් භාවිතය තහනම් කරමින් 2017 වසරේ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබුණද, එම තහනම ක්‍රියාත්මක කිරීම සඳහා වගකිව යුතු අංශවලින් නිසි සහයෝගයක් නොලැබුණු බවයි.

අමාත්‍යවරයා සඳහන් කළේ මෙම තහනම නොතකා නොදිරන ලන්ච් ෂීට් භාවිත කරන, අලෙවි කරන සහ නිෂ්පාදනය කරන ආයතනවලට එරෙහිව දැඩි  පියවර ගන්නා බවයි. 

වසරකට ප්‍රතිචක්‍රීයකරණ ක්‍රියාවලියකින් තොරව පරිසරයට මුදා හැරෙන ලන්ච් ෂීට් ප්‍රමාණය මිලියන 5,475 ක් පමණ වනවා. දිනකට පරිසරයට මුදා හැරෙන ලන්ච් ෂීට් ප්‍රමාණය මිලියන 15 ක් පමණ වන බවයි මධ්‍යම පරිසර අධිකාරිය පවසන්නේ. ලන්ච් සීට් දිරාපත් වීම සඳහා වසර 100 ත් 200 ත් අතර කාලයක් ගතවන බවද පර්යේෂකයින් පෙන්වා දී තිබෙනවා.