Tuesday, May 14, 2024

General line - 0115112241

ඇමති සරත් වීරසේකරගේ දෙපාර්තමේන්තු 2ක් ජනපති යටතට




අමාත්‍ය සරත් වීරසේකරගේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබූ දෙපාර්තමේන්තු දෙකක් ඉන් ඉවත් කර ආරක්ෂක අමාත්‍යාශය යටතට පවරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. ඉකුත් 29වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම ගැසට් නිවේදනය නිකුත් කර තිබුණා.

ඒ අනුව මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබූ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ බහුකාර්ය සංවර්ධන කාර්ය බලකා දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයාට අයත් ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍යාංශය ඒ අනුව පවතින්නේ ශ්‍රී ලංකා පොලිසිය සහ ජාතික පොලිස් අභ්‍යාස ආයතනය පමණයි.