Thursday, May 16, 2024

General line - 0115112241

මෙරට කොවිඩ් ව්‍යාප්තිය දැක්වෙන නවතම සිතියම 




අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 1,665 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටිනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 310,494ක් වනවා.

ඒ අනුව මෙරට සක්‍රිය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 27,143ක් වනවා.

මෙරට කොවිඩ් ව්‍යාප්තියේ දැඩි අවදානම් සහිත ප්‍රදේශ සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකය විසින් සිය නවතම යාවත්කාලීන වාර්තාව නිකුත් කර තිබෙනවා.

එම යාවත්කාලීන කිරීම ඉකුත් ජුලී මස 24 වෙනිදායින් අවසන් වන ගතවු දින 14 තුලදී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් ගේ තොරතුරු ආශ්‍රිතව සිදුකොට ඇත.

ඒ නිරෝධායන මධ්‍යස්ථාන, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සහ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව අනුව මෙම සිතියම සකස් කොට ඇත.