Thursday, May 16, 2024

General line - 0115112241

අධ්‍යාපන ක්ෂේත්‍රයේ කාර්ය මණ්ඩලත් හෙට සිට සේවයට කැදවයි




සියලුම රාජ්‍ය සේවකයින් හෙට සිට රාජකාරී සඳහා කැඳවා තිබෙනවා. සියලු රාජ්‍ය සේවකයින් හෙට සිට සේවයට කැදවීමේ චක්‍රලේඛය අනුව අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩල, පළාත් දෙපාර්තමේන්තු, කොට්ඨාස සහ කළාප කාර්යාලවල නිලධාරින්ද කටයුතු කළ යුතු බව අධ්‍යාපන ලේකම්වරයා දන්වා තිබෙනවා.

ඒ, සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, කලාප අධ්‍යක්ෂකවරුන්, කොට්ඨාශභාර නියෝජ්‍ය සහ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් හා සියලුම පාසල් විදුහල්පතිවරුන් වෙත ලිපියක් යොමු කරමින්.