Wednesday, May 15, 2024

General line - 0115112241

රිෂාඩ්ගේ නිවසේ වැඩ කළ තවත් කාන්තාවන් තිදෙනෙකු මිය ගොස් ඇති බව හෙළි වේ




2010 වසරේ සිට රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයාගේ නිවසේ සේවය කළ කාන්තාවන් 11දෙනා අතරින් තිදෙනෙකුම මේවන විට ජීවිතක්ෂයට පත්ව ඇති බව සිදු කෙරුණු විමර්ශණවලදී අනාවරණ වී තිබෙනවා. එලෙස සේවය කළ තවත් කාන්තාවක් අද ප්‍රකාශ තිබුණේ තමන්ද බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ සේවය කළ සමයේ ලිංගික අතවරයන්ට ලක්වු බවයි.

2010 වසරේ සිට රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ සේවය කළ කාන්තාවක් 10 දෙනෙකු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශණ ක්‍රියාත්මකයි. මේ අතර, රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයාගේ නිවසේදි මිය ගිය 16 හැවිරිදි ඉෂාලිනි දැරිය සම්බන්ධයෙන් අදාළ මන්ත්‍රිවරයාගේ පක්ෂය වන සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ඒ.ජේ.මොහමඩ් ෆායිස් අද නිවේදනයක් නිකුත් කළා.

එහි සඳහන් වුයේ ඉෂාලිනිට ලබා දි තිබු කාමරය අඩි 6 යි 4 ප්‍රමාණයේ කාමරයක් ලෙස දැක්වුවද එහි සැබෑ ප්‍රමාණය දිගින් අඩි 7 යි අඟල් 4ක් වන අතර පළල අඩි 6යි අඟල් 3ක් බවයි.

එම කාමරයට ක්‍රියාකරන විදුලි පංකාවක් සහ විදුලිඑළිය ද ලබා දි ඇති අතර ඇයට පුද්ගලික භාවිතය සඳහා අංග සම්පුර්ණ නානකාමරයක් ද ලබා දී තිබු බවද එම නිවේදනයේ දැක්වුණා.

එම දැරිය මාස 7 හමාරක පමණ සුළු කාලයක් මන්ත්‍රීවරයාගේ නිවසේ ගත කළ කාල සීමාවේදී එම ලිංගික අපයෝජනය සිදුවුවා යැයි සාක්ෂි ඉදිරිපත් වී නොමැති බව ද ඒ.ජේ.මොහමඩ් ෆායිස් සිය නිවේදනය මඟින් පෙන්වා දී තිබෙනවා.