Wednesday, May 15, 2024

General line - 0115112241

වැඩි දුම්රිය සහ බස් රථ සංඛ්‍යාවක් අද සිට ධාවනයට




සියළුම රාජ්‍ය සේවකයෙන් අද සිට රාජකාරී සදහා කැඳවීමත් සමග ඔවුන්ට ප්‍රවාහන පහසකම් සැලසීම වෙනුවෙන් වැඩි දුම්රිය සහ බස් රථ සංඛ්‍යාවක් අද සිට ධාවනයට එක් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම නෙත් නිවුස් වෙත සදහන් කළේ.  

රාජකාරී කාලසීමාවේදී මගී ප්‍රවාහන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. 

මේ අතර බස් රථවල ගමන් කරන කොරෝනා මර්දන එන්නත ලබානොගත් වයස අවුරුදු 30ට වැඩි මගීන්ගෙන් බස් ගාස්තුව මෙන් දෙගුණයක් අය කර ගන්නා බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා.

මේ හේතුවෙන් කොරෝනා මර්දන එන්නත ලබාගත් මගීන් බස් රථවල ගමන් කිරීමේදී එම කාඩ්පතේ ඡායා පිටපතක් ළඟ තබාගත යුතු බවයි එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න නෙත් නිවුස් වෙත පැවසුවේ.