Saturday, May 18, 2024

General line - 0115112241

වැඩි මිලට භාණ්ඩ විකුණූ වෙළදුන් 17 දෙනෙකු අත්අඩංගුවට




යාපනය ප්‍රදේශයේ වැඩි මිලට භාණ්ඩ අළෙවි කළ වෙළදුන් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පාරිභෝගික අධිකාරියේ යාපනය දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදීයි. යාපනය, කල්වියන්කාඩු, කෝපායි, අචුවේලි සහ නීර්වේලි යන නගරවල වැඩි මිලට වෙළදුන් භාණ්ඩ අළෙවි කරන බවට යාපනය දිස්ත්‍රික් ලේකම්වරයාට තොරතුරු ලැබී තිබුණා.

ඒ පිළිබද දිසාපතිවරයා විසින් පාරිභෝගික අධිකාරිය දැනුවත් කිරීමෙන් අනතුරුව අදාළ ප්‍රදේශවල එම නිලධාරීන් වැටලීම් සිදුකළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අත්අඩංගුවට ගත් වෙළදුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි පාරිභෝගික අධිකාරිය සදහන් කළේ.