Saturday, May 18, 2024

General line - 0115112241

තලවකැලේ වතු යායකින් කොරෝනා ආසාදිතයින් 47 ක් හදුනා ගැනේ




තලවකැලේ සෙන් කුම්බස් වතු යායේ සහ තලවකැලේ තේ පර්යේෂණ ආයතනයේ සේවකයින් හා වතු කම්කරුවන් 47 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

එම වතු යායේ කම්කරුවන් සිව්දෙනෙකුට මීට පෙර කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණා. ඒ අනුව ඔවුන්ගෙන් ආශ්‍රීතයින් 75 දෙනෙකු පී සී ආර් පරීක්‍ෂණ සදහා යොමු කර තිබුණා.

එම පිරිසෙන් 43 දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බවයි ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනත් අබේගුණරත්න  සදහන් කළේ.

එම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ලෙස හදුනා ගැණුනු පුද්ගලයන් 60 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.