Saturday, May 18, 2024

General line - 0115112241

රාජ්‍ය නිලධාරීන් සේවයට වාර්තා කිරීම ඉහළ මට්ටමක -ගුරු විදුහල්පතිවරු පැමිණීමේ අඩුවක්




රාජ්‍ය සේවයේ රාජකාරී සාමාන්‍ය පරිදි අද සිට ආරම්භ වූ අතර රාජ්‍ය නිලධාරීන් බොහොමයක් අද පෙරවරුවේ සිය රාජකාරී ස්ථාන වෙත වාර්තා කළා.

කෙසේවෙතත් පාසල්වල ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලවල පැමිණීමේ අඩු මට්ටමක පැවති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

කොළඹ දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනවල සේවකයින් බොහොමයක්ද සිය රාජකාරී ස්ථාන වෙත වාර්තාකර තිබුණා. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න.

මේ, ගාල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනවල නිලධාරීන් සිය රාජකාරී ස්ථානවෙත පැමිණීම පිළිබද තොරතුරු ගෙන එන නෙත් නිවුස් වාර්තාකරු රවීන්ද්‍ර චන්ද්‍රලාල්.

මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනවල කටයුතු ද අද සාමාන්‍ය පරිදි ආරම්භ වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු ටී කේ මහින්ද පැවසුවේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන සදහා ද රාජ්‍ය නිලධාරීන්ද බොහොමයක් පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරු පාලිත ආරියවංශ සදහන් කළේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනවල කටයුතු ද අද සාමාන්‍ය පරිදි ආරම්භ කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු රංජිත් රාජපක්‍ෂ පැවසුවේ.