Saturday, May 18, 2024

General line - 0115112241

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට හෙට සිට ශ්‍රී ලාංකික ගුවන් මගීන්ට ඇතුල්වීමට අවස්ථාව




ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු රටවල් කිහිපයකින් ගුවන් මගීන් සිය රටට ඇතුළුවීම හා රට හරහා ගමන් කිරීම වළක්වාලමින් පනවා තිබූ තහනම හෙට සිට ඉවත් කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය තීරණය කර තිබෙනවා.

විදෙස් වාර්තා පැවසුවේ එරට ජාතික හදිසි අවස්ථා සහ අර්බුද කළමනාකරණ අධිකාරිය ඒ බව ප්‍රකාශයට පත් කර ඇති බවයි.

දකුණු ආසියානු රටවල් කිහිපයකට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් අප්‍රිකානු රටවල් කිහිපයකට එරෙහිව ද මෙම තහනම පනවා තිබූ අතර හෙට සිට එය ද ඉවත් කෙරෙනු ඇති.

ඒ අනුව ශ්‍රී ලංකාවට අමතරව, ඉන්දියාව, පකිස්තානය, නේපාලය, උගන්ඩාව හා නයිජීරියාව වැනි රටවල් එලෙස ගමන් තහනම ඉවත් කෙරුණු රටවල් අතරට අයත්.

දකුණු ආසියානු රටවල් මෙන්ම අප්‍රිකානු රටවල් බොහෝමයක් ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් ගමන් සේවා බහුලව ලබාගන්නා රටවල් වනවා. ඒ පිළිබඳ සලකා බලා එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් සිය රටට ඇතුළුවන ගුවන් මගීන් සියලුදෙනා පිටත්විමට පැය 72 කට පෙර සිදුකළ ඡක්‍ඍ පරීක්ෂණයක වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවයි එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.